Blogger Tricks

HELLO

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS3jk2JY5FU4vnf03jyahAKsgHyZue2VP0To4h-9IjuF4yeMYRNjnqrAOEOQyF7PuUVXcGcTO5VcGcsI3lKM80MO2yewH4WohOAxb0gr6mf9Cx_9n2nb23BFCusKmo4GOWXq7ZdhpPD4o/s1600/0436-falling-objects-24work.blogspot.com.gif
Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks
Blogger Widgets Blogspot Tutorial

Wednesday, February 11, 2015

ඔයාගෙ පෙන් එක ගලවන්නෙ හරි විදිහට කියලා විශ්වාසද?

පරිගණක භාවිතා කරන අය අතරින් හැම කෙනෙක්ම වගේ පෙන් එකක් හරි මෙමරි චිප් හරි පාවිච්චි කරනවා කියලා අපි දන්න දෙයක් නේ.ඒ අයගෙන් වැඩි දෙනෙක් මේ පෙන් එක හරි චිප් එක හරි හරි විදිහට remove කරන්නෙ නෑ.ඉතින් මේ අයගෙ පෙන් එක හරි චිප් එක හරි ඉතාම කෙටි කාළයකදී එක එක දෝෂ වලට ලක් වෙනවා.ඒ දෝෂ වලට ලක් නොකරගෙන පෙන් එක වැඩි කාළයක් පාවිච්චි කරන්න නම් මේ පෙන් එක හරියට පාවිච්චි කරන්න ඕන.ඒ කියන්න මේ පෙන් එක හරි විදිහට ගලවන්න ඕනෙ.ඒ කියන්නෙ මෙන්න මේ විදිහට...


සාමාන්‍ය විදිහ නම් මේ විදිහට පෙන් එක හරි චිප් එක හරි රිමූව් කරන එකයි.එත් තියන වැඩ රාජකාරිත් එක්ක ඕක කෙරෙන්නෙම නැති තරම්.ඒ හින්දා ඔයාලගේ පෙන් වලින් උපරිම වැඩ ගන්න පුළුවන් වෙන විදිහටත් කාලය උපරිමව ඉතුරැ කරගන්නත් උදව්වක් දෙන්නයි යන්නෙ.
මෙතනදි කරන්න යන්නෙ ඉහතින් පෙන්නලා තියන වැඩේම වෙනස් විදිහට...


මුලින්ම ඔයාගෙ ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New Shortcut එකක් හදන්න.

ඉන් පස්සෙ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා.

ඒකට මෙන්න මේ code එක copy කරලා paste කරන්න.
rundll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll 
එතනින් පස්සෙ Next බට්න් Click එක කරන්න.
ඉන් පස්සෙ පුළුවන් ෂොට්කට් එකට නමක් දාගන්න.
ඉන් පස්සෙ Finish කරන්න.දැන් බලන්න ඔයාගෙ ඩෙස්ක්ටොප් එකේ ඔයා දීපු නමින් ෂෝට්කට් එකක් තියෙනවද කියලා.
තියනවා නේද?
එකට කැත icon එකක් නේද තියෙන්නේ අන්න ඒක වෙනස් කරගන්න ඕනෙනම් ඒ හැදුනු shortcut එක උඩ Right Click කරලා පහල පින්තුරේ විදිහට Change Icon යන්න ඊටපස්සේ කැමති icon එකක් තෝරලා දාගන්න පහල.
දැන් හැදුනු එක ඔයා පෙන් එක හරි මෙමරි චිප් එක හරි ගලවන්න කලින් මේක ක්ලික් කරන්න.
එතකොට මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එයි.එකෙන් ඔයාගෙ පෙන් එක තොරලා stop කරන්න.
දැන් ඔයාගේ පෙන් එක ආරක්ෂිතව ගලවන්න පුළුවන් කියලා මෙන්න මේක පෙන්නාවි.

No comments:

Post a Comment

next

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks